Kanniya religious site: A Hindu Kovil or a Buddhist Temple?

Kanniya religious site: A Hindu Kovil or a Buddhist Temple?

In July 2019, a tense situation arose regarding conducting conservation work at a religious site located in Kanniya, Trincomalee. Sinhala and Tamil press showed certain differences in reporting on this issue. Some Sinhala newspapers reported that this site is a Buddhist place of worship and that Tamil MPs and Tamil people are disrupting the conservation work of the site. Meanwhile, some Tamil newspapers noted that this site contains a Pillayar Kovil, and that steps are being taken to remove the kovil and establish a Buddhist religious site.

The selected Sinhala newspapers further noted that, “Tamil National Alliance MPs and their supporters opposed the officers of the Archaeology Department who went to renovate the historical dagoba, recognised as an archaeological site, situated near the Trincomalee Kanniya hot water springs”. According to the newspapers, this religious site “has been declared as an archaeological site by the government Gazette No. 1723 of 09 November 2011”, and “it is not a myth developed by Buddhists that when removing the temporary kovil that was built, archaeological remains of a Buddhist temple, including a chaitya and a moonstone,  were found.”[1]

The selected Tamil newspapers reported that, “Tamil people staged a protest regarding removing the historical Pillayar kovil and Buddhistising the religious site”, and that “during that time the people of the majority community entered the premises and threatened to throw hot tea at the protesters if they entered the site.” [2]


[1] July 18, Divaina, p. 8
[2] Jul 17: Virakesari, p.1.

කන්නියා පුදබිම: කෝවිල් පරිශ්‍රයක්ද, පන්සල් පරිශ්‍රයක්ද?
 
පසුගිය දිනක ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ, කන්නියා ප්‍රදේශයෙහි පිහිටි ආගමික ස්ථානයක් පිළිසකර කිරීම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් පැන නැගුණු අතර, මෙම සිද්ධිය වාර්තාකරණයේදී  සිංහල සහ දමිළ පුවත්පත් අතර යම් කිසි පරස්පරතාවයන් දක්නට ලැබුණි. ඇතැම් සිංහල පුවත්පත් කියා සිටියේ එම පරිශ්‍රය බෞද්ධ ආගමික ස්ථානයක් බවත්, දමිළ මන්ත්‍රීවරුන් සහ ජනතාව එම ආගමික ස්ථානය සංරක්ෂණය කිරීමට බාධා පමුණුවන බවත්ය. ඇතැම් දමිළ පුවත්පත් කියා සිටියේ මෙම පරිශ්‍රයේ ඇත්තේ පිල්ලෙයාර් කෝවිලක් බවත්, එය ඉවත් කොට බෞද්ධ සිද්ධස්ථානයක් ඉදි කිරීමට යන බවත්ය.
 
මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් තෝරාගත් සිංහල පුවත්පත් කියා සිටියේ “පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ත්‍රිකුණාමලයේ කන්නියා උණුවතුර ළිං පරිශ්‍රයේ පිහිටි ඉපැරණි බෞද්ධ දාගැබ සංරක්ෂණය සඳහා ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට විරෝධය පා, දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරු හා ඔවුන්ගේ අධාරකරුවන් මහත් කලබගෑනියක් ඇතිකර තිබේ” යන්නයි. මෙම ආගමික ස්ථානය “2011/11/09 වන දින 1723 දරණ ගැසට් නිවේදනය මගින් රජය විසින් පුරාවිද්‍යා ස්මාරකයක් බවට ප්‍රකාශයට පත් කර ඇත” යන වගත්, “කඩාවැටී තිබුණු තාවකාලික කෝවිල් ගොඩනැගිල්ලේ පස් ඉවත් කරන විට ඒ යටින් සඳකඩ පහනක් හා චෛත්‍යයක පාඩමක් ඇතුළු බෞද්ධ විහාරයක නටබුන් මතුවීම බෞද්ධයන් විසින් ගෙතූ කුමන්ත්‍රණයක් හෝ බොරුවක් නොවන බවත්” එම පුවත්පත් තවදුරටත් කියා තිබුණි.[1]
 
තෝරාගත් දමිළ පුවත්පත් මෙහිදී පැවසුවේ “පුරාණ පිල්ලෙයාර් කෝවිල ඉවත් කොට මෙම ආගමික ස්ථානය බෞද්ධකරණයට ලක් කිරීමට විරුද්ධව දමිළ ප්‍රජාව විරෝධතාවයක් දියත් කළ බවය”. “එම අවස්ථාවේදී බහුතර ජනවාර්ගික ප්‍රජාව පැමිණ විරෝධතාකරුවන් පරිශ්‍රයට ඇතුළු වුවහොත් ඔවුන්ට  උණු තේ විසි කරන බවට තර්ජනය කළ බව” දමිළ පුවත්පත් වැඩිදුරටත් පවසා තිබුණි. “මෙහි පැමිණි පොලිස් නිලධාරීන් හා විරෝධතාකරුවන් අතර බහින් බස් වීමක් ඇති වූ බව” ද එම දමිළ පුවත්පත් කියා ඇත.[2]


[1] July 18, Divaina, p. 8
[2] Jul 17: Virakesari, p.1.

Will be updated soon.

Two polar narratives in Kanniya: http://divide.lk/divide-in-press-reporting-on-kanniya-trincomalee/

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *